වත්මන් රජය වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා

0
492

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇතැයිද ඒ මහතා පැවසීය.

2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.

කෙසේ වෙතත්, වෙළෙඳ පොළේ සියලු භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යමින් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here