වන නිලධාරීන්ට පහර දුන් හමුදා නිලධාරියා පැයෙන් ගෙදර….

0
438

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ  රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර  මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත්  සමන් වැරණියගොඩ මහතා අද(01)  නියෝග කලේය.

 2022   වසරේ  පෙබරවාරි මස 22 දින  යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා  මේජර් ජනරාල්වරයාට නියෝග කළේය.

ඉකුත් 23 වැනිදා රාත්‍රියේදි  මින්නේරිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ යුද හමුදාවට අයත් වාහන දෙකක්  වනජීවී නිලධාරින් විසින් පරීක්ෂා කිරීමට යාම මෙම ගැටුමට පාදක වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here