වයස අවුරුදු 18ට වැඩි අයට එන්නත් ලබාදීම ලබන මස දෙවැනි සතියේ සිට

0
294

ලබන මස දෙවන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑම කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

එමෙන්ම වයස 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත මහතා ගිනිගේ ප්‍රකාශ කළේ.

මේ අතර ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ කොවිඩ් මර්දන එන්නත්කරණ සතියක් හෙට සිට ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවා. 

Colombo Times

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here