Saturday, September 21, 2024

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට “ෆයිසර්” එන්නත ලබාදීමෙන් වළකින ලෙස GMOA ඉල්ලීමක්!

තරුණ ප්‍රජාවට කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීම නවත්වන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැනුම්දීමක් කර සිටිනවා.

වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට මේ දිනවල ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීම සිදුවන අතර එය ලබා නොදී ඔවුන්ට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හට දැනුම්දීමක් කළ බවයි එම සංගමය පවසන්නේ. එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතාපෙන්වාදෙන්නේ අදාල වයස් කාණ්ඩයට සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බව මේ වන විට නිර්දේශ වී ඇති බවයි.

සයිනොෆාම් එන්නතේ තොග අවශ්‍ය ප්‍රමාණයට ලැබෙමින් පවතින බැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි ඔහු පවසන්නේ.

අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධව යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු දැන්වූ බවත් එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් සිටින බව දැණ්වූ බවත් එම සංගමය නිවේදනය කර සිටිනවා.

එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

“වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles