වර්ජන මම ගණං ගන්නෑ! – ජනපති

0
526

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු  ඉවත් කරන ලෙසට ඇතැමුන් පවසන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිතියක මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවද ජනාධිපතිවරයා පැවසුවා. ඒ, කොළඹ පැවති  ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. 

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පෙන්වාදුන්නේ සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව වෙනස් නොවන බවයි. රජය කටයුතු කරනු ලබන්නේ නීතියට අනුව පමණක් බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here