Saturday, September 21, 2024

වසංගතය නිසා ජස්ටින් ටෲඩෝ ටත් මිනිසුන් ගල් ගසන යුගයක්!

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ, උද්ඝෝෂකයන්ගේ ගල් ප්‍රහාරයකට මැදි විය.ඒ, සැප්තැම්බර් 20 වැනිදාට යෙදී තිබෙන මහමැතිවරණය වෙනුවෙන් ඔහු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ ය.

සිය ප්‍රචාරක බස් රියට ආපසු යමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල විය.

කුඩා ගල් කැට ඔහු වෙතට එල්ල වූ නමුත්, ඔහුට තුවාළ සිදුවූයේ නැත. එක් ගලක් උරහිසට වැදුණු බව ඔහු පසුව කියා තිබේ.

මීට පෙර 2016 වසරේදී ජස්ටින් ටෘෘඩෝට කාන්තාවක් විසින් වට්ටක්කා ඇටවලින් පහර දීමේ සිද්ධියක් වාර්තා විය.

සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදී ඔහුගේ මධ්‍ය වාමාංශික ලිබරල් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදීම සඳහා ඔහු කෝවිඩ්-19 තත්වය නොසලකා කාර්ය බහුල වී සිටියි.

මේ හා සමගාමීව කෝවිඩ්-19 එනන්ත්කරණය සහ කෝවිඩ් සංචරණ සීමාවන්ට එරෙහි විරෝධතාවලට ද ඔහුට මුහුණ දෙන්නට සිදුව තිබේ.

පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි.

කලක් ලෝකයේ ආදරණීයම තරුණ නායකයා ලෙස සැලකුණු සහ තවමත් ලෝකයේ ලිබරල්ම නායකයෙකු ලෙස සැලකෙන ජස්ටින් ටෘෘඩෝට මිනිසුන් විසින් ගල් ගසන තත්වයක් මේ වසංගතය විසින් උදා කර තිබේ.

පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි. ලෝකයේ ලිබරල්ම නායකයෙකු හා ආදරණීය  රාජ්‍ය නායකයෙකු ලෙස ජස්ටින් ටෘඩෝ ප්‍රචලිතව සිටී.ඔබේ ප්‍රතිචාරය කුමක්ද?පසුගිය සතියේදී කෝපයට පත් විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදීම හේතුවෙන් ඔහුට එක ඡන්ද රැස්වීමක් අවලංගු කිරීමට ද සිදුව තිබිණි. ලෝකයේ ලිබරල්ම නායකයෙකු හා ආදරණීය  රාජ්‍ය නායකයෙකු ලෙස ජස්ටින් ටෘඩෝ ප්‍රචලිතව සිටී.ඔබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles