වසන්ත ද සොයිසා ඝාතනයේ තවත් රහස්එළියට [Exclusive]

0
987

අනුරාධපුර වසන්ත ද සොයිසා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන ඉරේන් රණසිංහ නොහොත් SF ලොකු මල්ලී සොයිසා ඝාතනයට දින දෙකකට පෙර එනම් 2015.10.22 දින හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්දගේ නිවසේදී ඔහු හමුවී තිබෙන අතර එහිදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉරෝන් සමඟ ඔහුගේ සමීපතමයන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාවට සහභාගිවී ඇති අතර එහි මත්පැන් සාදයේ අවසානයේ ඉරෝන් විසින් විශේෂ  ඡායාරූපයක්ද ගෙන තිබේ. එම ඡායාරූප සමඟ විශේෂ පණිවුඩයක් වසන්ත සොයිසාගේ පුත් ගිසර සොයිසා වෙතද එවා තිබුණි. මේ එම ඡුායාරූපයයි.

sfloku

මෙම ඡායාරූපය සමග සටහන් කර ඇත්තේ “ලොකු මල්ලීගේ හොඳම මිත්‍රයා..ඇමති..තිස්ස කරලියද්ද..පුද්ගලික සාකච්ඡාවක..ඊයේ රාත්‍රී ඔහුගේ නිවසේ” යනුවෙන්ය.

ඔක්තෝබර්  22 උදෑසන සිය ෆේස්බුක් ගිණුමේ දී ප‍්‍රසිද්ධකර තිබූ මේ ඡායාරූපයට අනුව සොයිසාගේ ඝාතනය සම්බන්ධ තිස්ස කරලිද්ද ඇමැතිවරයාගෙන් විශේෂ ප‍්‍රකාශයක් ලියාගැනීමට ඝාතනය සම්බන්ධ පරීක්ෂණ පවත්වන පොලිස්ක ණ්ඩායම්වල අවධානය යොමුකර තිබේ.

සොයිසා ඝාතනයන්ට රැකවරණය දෙන්නේකවුද?

ඉකුත් ජනාධිපතිවරණ සමයේ අමාත්‍ය දුමින්ද දිසානායකගේ වාහනයක් අනුරාධපුර සීසර් හෙවත් ඉරෝන් රණසිංහ විසින් තමන්ගේ භාරයට ගන්නේය. නියමිත වාරික ගෙවා නොමැතිවීම හේතුවෙන් මෙම වාහනය සිය භාරයට ගත් අවස්ථාවේදීම දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ බව දන්වන්නේ අනුරාධපුර වසන්ත සොයිසා මහතාටය.

වසන්ත සොයිසා සහ ඉරෝන් රණසිංහ පළමුවරට මුණගැසෙන්නේත් මේ සිදුවීමේදීය. ගැටුම පටන්ගන්නේ එතැනින්ය. ඒ අනුව සොයිසාගේ ඝාතනය පිටුපස මෙරට ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනකු සිටින්නේය. ඒක් අයෙකුවන්නේ තිස්ස කරලියද්දය අනෙක් තැනැත්තා දුමින්ද දිසානායක අමාත්‍යවරයාය

දයා නෙත්තසිංහ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here