Sunday, May 19, 2024

කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ රසද උඹලාට [ඡායාරූප]

උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමාව හදාරන කොල්ලන්ට,කෙල්ලන්ට ප්‍රශ්න තියෙන්න බැරිද? ඔවුන් ඉගනගන්නේ හිඟන සල්ලි වලින්ද? ඔවුන් තමන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පාරට බැස්ස විට අමු ලේ රස බලන්නට අත පය කැඩෙන තෙක්, කණ් පුපුරණ තෙක් පහර දෙන්නට පොලීසියට ඇති අයිතිය කුමක්ද.

පොලීසියේ වුවමනාවට හෝ තනි කැමැත්තට පොලීසිය දරුවන්ගේ ලේ රස බැලුවානම් අදම පොලීසියට එරෙහිව පාරට බහින්නට අපි ද සූදානම්ය. ඒත් පොලීසිය මෙලෙස සිසු දරුවන්ගේ ඔලු පලන්නේ මේ ආණ්ඩුව දෙන නියෝග වලට මිස උඩින් පහත් වෙන ආසාවල් වලට නොවේ.

11049579_10204007172460133_7399233385916257231_n

අවුරුදු  13ක් තිස්සේ ලංකාවේ සුපිරි පාසල් වල සුපිරි පහසුකම් විඳි දරුවන් මෙතන ඔලු පලාගත්තේ නැත. මේ දරුවන්ගේ සාතිශ්‍ය බහුතරයක් ගම්වල අහිංසක දෙමව්පියන්ගේ දරුවන්ය. මේ ලේ දහරාවල් දකින කල දෙමව්පියන් කොතරම් විඳවනවා ඇත්ද යන්න මේ පාලකයන් නොදන්නවා ඇත. එදා සිටම ශිෂ්‍ය ව්‍යාපාර වලට ආණ්ඩුව සැලකුවේ ‍බැටන් පොල්ලෙන්, තුවක්කුවෙන්,පරාල ඇණ වලින්, කටු කම්බිවලින් මිස ආදරණීය වචන වලින් නොවේ. එදා වෙනුරලා, ත්‍රීමා විතාන ලා, නිෂ්මිලා, බාලේ ලා ජාතියක්, ආගමක් ගැන නොහිතා වෙඩි උණ්ඩයට බිලිවූයේ තවත් පරපුරු ගණනාවකට අධ්‍යාපන වරප්‍රසාද ලබාදෙන්නටය.

සල්ලි වලට අධ්‍යාපනය විකුණන ආණ්ඩුවලට නිදහස් අධ්‍යාපනය යනු තිනකරම විනයකි. එදා සිට අද දක්වාම ඒ විනය නසන්නට ආණ්ඩු භාවිතා කලේ රජයේ නිළ අැඳුම් ඇඳගත් මැරයන්ය. ඊයේ (29) ලිප්ටන් වටරවුමේදී පොලු ඔසවන්නේ, කණ් අඩි පලන්නේ, පොඩි කෙල්ලන්ට පයින් ගහන්නේ ඒ නිළ ඇඳුම් අැඳගත් රාජ්‍ය අනුග්‍රහයලත් මැරයන්මය.

12115641_558451414312611_477874196565134906_n (1)

මහින්දගේ ආණ්ඩුව ශිෂ්‍යයන්ගේ ඔලු පලන විට, අතුරුදහන් කරන විට, මරාදමන විට රනිල්ලා, කිරිඇල්ලලා, අකිලලා රෙදි කෝට් උස්සාගෙන බෙරිහන් දුන්නේ මහින්දලා, එස්.බී ලා දරුවන් මරාගෙන කන බවයි. රුහුණ විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩර පොලිස් පොලු පහරින් ජීවිතක්ෂයට පත්වන විට මහින්ද ආණ්ඩුව එය වහන්නට කොතරම් දේ කලහ. සිසිත සහ ජානක අභිරහස් ලෙස මියයද්දී, ලලිත් සහ කුගන් අතුරුදහන් වෙද්දී මේ රටේ බහුතරයක් ජනතාව “යහපාලනය” කැන්දාගෙන ආවේ කොතරම් බලාපොරොත්තු සහිතවද. එහෙත් “වෙනස සැපයිද” කියා හෘද සාක්ෂිය විමසන තරමටම මේ ආණ්ඩුවත් ශිෂ්‍ය දඩයම අරඹා ඇත.

12141757_558451634312589_5375902249334789745_n

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නැමති තක්කඩියා කියා සිටියේ “අවම බලය” පමණක් භාවිතා කල බවයි. එසේනම් ඊලඟ පියවර වන්නේ උණ්ඩය විය යුතුය. දරුවන් මරා දමා හෝ ආණ්ඩු රකින, ඇමතිවරු රකින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පුටු රත්කරන ලොක්කන් රකින තරමටම පොලීසිය සට්ටැම්බිරාලලාගේ තැනට පත්ව ඇත. රජවරුන්ගේ පස්ස ලෙවකන සට්ටැම්බිරාලලා නිසා තව පොඩ්ඩෙන් කොණ්ඩයා සහ 17 හැවිරිදි පාසල් සිසුවා එල්ලුම්ගහේය.පොලීසිය එච්චරටම හොඳය.

12143340_10153274840734226_3090435403086756379_n

ශිෂ්‍යයන්ට ප්‍රශ්න නැත්නම් ඔවුන් පාරට බසින්නේ නැත. මොනම හෝ සංවිධානයක් හෝ පක්ෂයක් ඔවුන් රැස්කරන්නේ ඔවුන්ට ප්‍රශ්න ඇති බැවින්ය. මේ HNDA සිසුන් අධ්‍යාපන පහසුකම් ඉතාම ප්‍රාථමික මට්ටමක තිබියදී එ්වා ඉල්ලා සිටීමට එකපාරටම උද්ඝෝෂණය කරන්නට ආවේ නැත. තමන්ගේ ඉල්ලීමට ගොළුවන්,බිහිරන් සේ සිටි පාලකයන්ට ඇහෙන තරම් සද්දෙන් කෑ ගැසිය යුතු බව අවබෝධකරගත් නිසා ඔවුන් පාරට බැසීමට තීරණය කලහ. උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල බාගෙට ඇස්දෙකත් පියාගෙන, ගොත ගසමින් කියන්නට ඇත්තේ “මුන් ටික මරලා හරි අයින් කරන්න” කියා වන්නට ඇත. රජයේ සුහච කීකරු මැරයන් එය අකුරටම ඉටුකලහ.

12189164_558451844312568_8998696428855637189_n

මල් කැකුළු ලෙස පිපීගෙන එන අවුරුදු 18 – 20 හිරිමල් යුවතියක් දුටුවිට සෙනෙහසක් මතුවනු මිස පොල්ලකින් පහරදී බිමදාගෙන පාගන්නටත්, කණ් පුපුරන්නට ගසන්නටත් හරිහමන් දරුවන් සිටින තාත්තා කෙනෙකුට, සොහොයුරියක් සිටි, හරි ජාතකයක් ඇති පිරිමියෙක්ගේ අත එසවෙන්නේ නැත. නමුත් ඊයේ එයද එසේ නොවන බව පෙන්වා දුන්හ. මේ ආණ්ඩුව තමන්ගේ නාමයට විශාල හානියක් කරගත්හ. සමහර විට ඇතැම් දේශපාලන පක්ෂවල වුවමනාව එය වන්නට ඇත. නමුත් මී හරකුන් සේ වත්මන් ආණ්ඩුව එය අගේට ඉටුකර දුන්හ.

12190046_558451517645934_1605751889528793465_n

 

12190787_558451457645940_7567452061962120415_n

මේ රටේ මිනිස්සු “යහපාලනය” කරපින්නාගත් ආණ්ඩුව ගෙන ආවේ මෙවැනි දෙයකට නොවේ. යහපාලනය යනු මහින්ද රාජපක්ෂ රෙජීමයේ කෲර පාලනයට කියන තවත් ‍නමක් නොවන බව මේ අසික්කිත පාලකයන් සිතාගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ ඇස් කණ් තවමත් හොඳින් වැඩකරනවා ඇතැයි අපි සිතන්නෙමු. ඒ නිසි සිහිබුද්ධියෙන් කටයුතු කරන ලෙස අපි තරයේ බල කරන්නෙමු.එසේ නොසිතා කටයුතු කලහොත් වෙන්නේ මහින්ද රාජපක්ෂ ලෙසින් පචවී ගෙදර යන්නටය, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටද, ලක්ෂමන් කිරිඇල්ලේ ඇමතිලාටද ඒ ඉරණමේ වෙනසක් නැත.

යහපාලනය කරපින්නාගත් ලොක්කන්ට වගේම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාටත් පහත වීඩියෝ පටය බලන ලෙස කියා සිටින්නෙමු. එය අලුත් යමක් නොව ඔවුන් විසින්ම “යහපාලනය” කරපින්නාගෙන ඒමට හැදු එකක්ය. එය බලා වෙනස් නොවුනහොත් හෙට පාරට බසින්නේ අපි විය හැක.

 

ජනරඟ දේවසුරේන්ද්‍ර

ඡායාරූප – අද දෙරණ/නිශාන්ත ප්‍රියදර්ශන/ලංකාදීප/ශෙහාන් ගුණසේකර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles