Monday, May 6, 2024

චූටි දොස්තර නෝනාට පෙම්කරන “කොට ඇමති“

කොට අමාත්‍යවරයෙක් කොළඹ රජයේ රෝහලක සේවය කරනු ලබන පුංචි දොස්තර නෝනා කෙනෙක් සමඟ පවත්වන විශේෂ ඇයි හොඳැයියක් නිසා අමාත්‍යවරයාගේ පවුලේ උදවිය කනස්සල්ලෙන් සිටින බව වාර්තා වේ.

අමාත්‍යවරයා මේ දොස්තර නෝනට මාලඹේ ප්‍රදේශයේ මාළු මුදලාලිකෙනෙකු සතුවූ තට්ටු දෙකක නිවසක්ද මිලදී ගෙන ඇයට දී ඇතැයි පැවසේ.

ඒ නිවසේ වටිනාකම කෝටිය පනින බවත්, ඇයට අමාත්‍යවරයා තෑගිකර ඇති මෝටර් රථය ලක්ෂ 65ක් පමණ වන බවත් වාර්තා.

මේ දොස්තර නෝනා අමාත්‍යවරයාගේ දියණියටද වඩා වයසින් බාල බව පැවසේ.

ඇය සිය වෘත්තිය ආරම්භකර ඇත්තේ ආදිවාසීන් සිටින යාබද ගමකින් වන අතර එහි තමාට මරණ තර්ජන ඇතැයි පවසමින් පොලිස් පැමිණිලිම 3ක් දමා කොළඹට මාරුවක් හදාගෙන ඇති බවද වාර්තා වේ.

දොස්තරවරයෙකුට මුල්ම පත්වීම ලැබෙන ස්ථානයේ වසර 5ක් සේවය කිරීම අනිවාර්ය වුවත් මේ කොට ඇමතිගෙ බලපෑමෙන් ඇයට කොළඹට මාරුවක් ලැබී ඇති බව පැවසේ.

එසේම මේ කොට ඇමතිවරාය ගෑණු කේස් වලට ඉතා ප්‍රසිද්ධ ඇමතිවරයෙක් බවත් කුමන ආණ්ඩුවක් පැවති සමයේ වුවත් මේ කොට ඇමතිවරයා නොවෙනස්ව කාන්තාවන් සඳහා රජයේ මහජන මුදල් වියපැහැදම් කරන අයෙක් ලෙසද ප්‍රසිද්ධය.

මූලාශ්‍රය – Sri Lanka Mirror 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles