Sunday, May 19, 2024

HNDA සිසුන්ගේ ඔලු පැලූ පොලීසිය

අද දහවල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් මහ මාර්ගය අවහිර කරමින් විරෝධතා දක්වමින් කියා සිටියේ තමන්ගේ අධ්‍යයන ආයතනවල පවතින ගැටළු වලට සහ ශිෂ්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි.

මේ අවස්ථාවේ පොලීසිය විසින් සිසුන්ගේ විරෝධතාව විසුරවා හරින ලෙස ශිෂ්‍ය නායකයින් දැනුවත් කලත් එයට එකඟ නොවූ ඔවුහු මාර්ගය අවහිර කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත විය. මේ සඳහා සිසුන් දහසකට වැඩි පිරිසක් සහ භික්ෂූන් වහන්සේලා කීප නමක් සම්බන්ධවිය. 12191443_10204006698328280_7351289537404537159_n

පොලීසිය විසින් සිය අණ නොතකා මාර්ගය අවහිර කරමින් සිදුකරන ලද මේ විරෝධතාවයට කඳුළු ගෑස් සහ අධිවේගී ජල ප්‍රහාර එල්ල කර විසුරවා හැරිය අතර සිසුන් කිහිප දෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනුනේ ප්‍රකෝපකාරීව හැසිරුණ බව පවසමින්ය.

ඉන් අනතුරුව සිසුන් ලිප්ටන් වටරවුමේ වාඩිවී අත්අඩංගුවට ගත් සිසුන් කීප දෙනා නිදහස් කරන මෙන් පොලීසියට බලකරමින් විරෝධතාවේ නිරතවූ අතර එහිදී පැමිණි පොලිස් කැරලි මර්ධන ඒකකය ඉතා සාහසිකව සිසුන්ට පහරදී පලවා හැරී අතර තමන්ගේ සොහොයුරු, සොහොයුරියන් වැනි, දරුවන් වැනි සිසුන්ගේ ඔලු පලද්දී, අතපය නිල් වෙන්නට පොලු පහර දෙද්දී තමන්ටද දරුවන් සහ සොයුරු සොයුරියන් සිටින වග පොලීසියට අමතකවීද යන්න ගැටළුවකි. එසේම සිසුවියන්ටද බිම දමාගෙන අමානුෂික ලෙස පහර දෙන්නට තරම් පොලීසිය සැහැසිවීම ඉතාම ඛේදජනකය.

කෙසේ වෙතත් සිදුවීම අවසානයේ සිසුන් 39 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, භික්ෂුන් වහන්සේලා දෙනමක් සහ සිසුවියන් හතර දෙනෙක් ඒ අතර වෙති.

 

ජනරඟ දේවසුරේන්ද්‍ර

ඡායාරූප – නිශාන්ත ප්‍රියදර්ශන/ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles