වසන්ත මුදලිගේ ත්‍රස්තයෙක්ද? තීරණය…??

0
276

තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක්  කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

අදාළ  පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ද අධිකරණය අවසර ලබා දුන්නා.

විජිත් මළල්ගොඩ සහ එස්.තුරෛ රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ලැබුවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

පෙත්සම යළි ජනවාරි මස 31 වනදා කැඳවීමට ද නියම වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here