Monday, May 6, 2024

තවමත් රියදුරු බලපත්‍රය ලැබී නැද්ද? සුබ ආරංචියක්!

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම ලබන සඳුදා (14 වැනිදා) ආරම්භ කරන බවත් එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට එම ආකාරයට කාඩිපත නිකුත් කරන බව කී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සති කීපයකින් කාඩ්පත් නිකුත් කිරීම අවසන් කරන බව ද සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර කාඩ්පත් ලක්‍ෂ 5 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගාවී ඇති බවත් ඉතිරි කාඩ් ලක්‍ෂ 5 ත් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කරන කාඩ්පත් නොමැති වීම නිසා වසර දෙකකට අධික කාලය සිට රියදුරු බලපත්‍රය සඳහා තාවකාලික කඩදාසි බලපත්‍රයක් පතක් නිකුත් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles