වාහන ආනයනය තහනම් කර තිබියදී අධි සුඛෝපභෝගී වාහන 400ක් වරායේ ගොඩබායි

0
670

ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් වාහන ආනයනය තහනම් කර තිබියදී කොළඹ වරායේ ගොඩබා ඇත.

එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විරුද්ධ බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

මෙම වාහන තර අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බවද සඳහන්ය.

එම වාහනවලින් වැඩි ප්‍රමාණය බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය හා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here