Friday, January 10, 2025

වාහන හා අනෙකුත් ද්‍රව්‍ය ආනයනයට පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳව මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් ඒ සඳහා දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වාහන ආනයනය පමණක් නොව දැනට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා ඉදිරි කාලයේදී විදේශීය විනිමය ආදායම් අනුව තුලනය කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවය.

මේ වන විට කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදු වන බැවින් ඉතා කඩිනමින් සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට මෙන්ම අපනයනය මූලික වූ කර්මාන්තද යළි සුපුරුදු පරිදි ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව, වාහන ආනයනය පමණක් නොව මේ වනවිට ආනයනය සම්බන්ධ පනවා ඇති බොහෝ සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

දැනට පවත්වාගෙන යන සීමාවන් දිගටම පවත්වාගෙ යෑමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ක්ෂණිකව විවෘත කළහොත් විශාල පීඩනයක් එල්ලවිය හැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව එම පීඩනය දරා ගැනීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සඳහන් කළේය.

මේ අනුව වාහන මිල ආනයනය සීමා කිරීමත් සමග දැනට වෙළඳ පොලේ පවතින්නේ අධික වාහන මිලක්.

කෙසේ වෙතත් ඉදිරියේදී ආනයන සීමා ඉවත් කිරීමෙන් මෙරට වාහන මිල පහල යාමක් සිදුවිය හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles