ආණ්ඩුව විසින් ඉහල දමන ලද වැට් බද්දට විරෝධය පාමින් මහනුවර දිස්ත්රික්කයේ සියළු කඩ සාප්පු වසා දැමීමට තිරණය කර තිබේ.
ඒ අනුව 27 වන දින සියළු වෙළඳ සැල්වල කළු කොඩි එසවීමටත් 29 වන දින සියළු කඩ සාප්පු වසා දමා දැවැන්ත විරෝධතා පැවැත්වීමටත් තීරණය කර තිබේ.
මහනුවර වෙළඳ සංගම් පවසන්නේ අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ පැවති සාකච්චා අසාර්ථක වූ නිසා මෙම පියවර ගත් බවයි.