වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවර අද කැබිනට් තීරණය අනුව

0
266

අද පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණය අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයේ ඉදිරි පියවර තීරණය කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ සාධනීය විසදුමක් හිමිවන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි

ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසදුම් සෙවීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත භාරදී ඇති අතර එය අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here