Friday, September 20, 2024

වැඩිවෙන ඩෙල්ටා විකෘතිතා ප්‍රභේද

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ ජාන විකෘතිතා (MUTATION ) හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඕනෑම වෛරසයක් වේගයෙන් පැතිරීගෙන යනවිට යම් යම් ජාන විකෘතිතාවයන්ට ලක්වන බව මහාචාර්යවරිය සඳහන් කරයි.

මෙම විකෘතිතා හතර ඩෙල්ටා වෛරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර මෙම විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව ඇය පවසයි.
මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles