වැලිගම නිවසක් ගිනි ගැනීමෙන් 8 හැවිරිදි දැරියක් මරුට

0
316

නිවසක් ගිනි ගැනීමෙන් වැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (30) රාත්‍රී කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබු 8 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

අදාළ නිවසෙහි කාමරයක් තුළ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් එහි වහලය පිළිස්සී නිවස තුළට කඩා වැටී ඇත.

එහිදී නිවසේ කාමරයේ නිදා සිටි දැරිය ගින්නට හසුවී පිළිස්සී ඇතැයි පොලීසිය පවසයි.

ඇයගේ මිත්තණිය සහ වයස අවුරුදු 13ක් සහෝදරිය අසල කාමරයක නිදා සිට ඇති අතර, ඔවුන් නිවසින් එළියට දිවගොස් දිවි බේරාගෙන අති බව ද පොලීසිය පවසයි.

එම සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය විසින් මාතර ගිනි නිවීමේ රථ ගෙන්වා ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

පොලීසිය පවසන්නේ, එම නිවසේ තිබු ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් හට ගෙන නොමැති බවට නිරීක්ෂණය වු බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here