Saturday, September 21, 2024

වැව් අමුණු 1,400ක් ප්‍රතිසංස්කරණයට

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති වැව් අමුණු අතරට ග්‍රාමීය වැව් 1,200ක්, අමුණු සහ වාරි ඇළ මාර්ග 200ක් අයත් බව වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම වැව් සහ ඇළ මාර්ග නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර ලක්ෂ 5ක් පමණ කන්න දෙකේදීම වගාකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබූ බවද වාරිමාර්ග අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැව් අමුණු සහ ඇළ මාර්ග 5,000ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන තිබූ බවද එම අමාත්‍යාංශය පැවසීය.

ඉදිරි තෙවසර තුළ යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles