ශ්‍රී ලංකාව චීන ණය උගුලේ සිර කළ සැටි විජයදාස රාජපක්ෂ චීන ජනපතිට ලියයි

0
384

අනාගතයේදී ශ්‍රී ලංකාවට අහිතකර විය හැකි ශ්‍රී ලංකාව ආර්ථික ආක්‍රමණය නතර කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා චීනයෙන් ඉල්ලා සිටී.

අතීතයේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතී සම්බන්ධතාවයේ සිට ලෝක බලවතා වීමේ අදිටනින් ලංකාව චීන ණය උගුලේ සිර කළ ආකාරය සාක්ෂි සහිතව පෙන්වා දෙමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂි ජින් පින් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙිව බව සඳහන් කර ඇත.


පිටු 6ක දීර්ඝ ලිපියක් වන එහි කරුණු 45ක් යටතේ තොරතුරු සදහන් කිරීමට විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

මන්ත්‍රීවරයා ලිපිය මගින් අඟවා ඇත්තේ චීනයේ ජාතික කටයුතුවලට ඇඟිලි ගැසීම හේතුවෙන් අනෙකුත් ජාත්‍යන්තර බලවතුන්ගෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අනතුර ගැන ය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට එල්ල කරන නිරන්තර බලපෑම් හේතුවෙන් චීනය මුහුණ දෙන ප්‍රතිවිපාක පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවීය, පවතින පළමු අවස්ථාවෙහිදී රජය පෙරළීමට ජනතාව පසුබට නොවන බවත් මීළඟ මැතිවරණයේදී රට තුළ එය එසේ විය හැකි බවත් පැවසීය.


මෙම ලිපිය ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමා හට බාරදීමටද රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here