විදුලි ගාස්තු 500% කින් වැඩිවීමක් සිදුවිය හැකියි – දයාසිරි ජයසේකර

0
483

ඉදිරියේදී විදුලි බිලෙහි වැඩිවීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව ඒකක 30 ක මිල පැවති මිලට වඩා සියයට 500 කින් පමණ වැඩිවීමක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවසීය.

”හෙට අනිද්දා වෙනකොට මං හිතන්නෙ ලයිට් බිල වැඩිවෙයි. මට දැන් ආරංචිය තියෙන විදියට විදුලිබල මණ්ඩලයට දීලා තියෙන යෝජනාව අනුව ඒකක 30 ක් තිබුණ මිලට වඩා 500% කින් වැඩිවෙනවා. ලයිට් දාන්න නෙවෙයි ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ලයිට් දාන්නෙ නැතුව.”

කෙසේ නමුත් විදුලි, ජල බිල් වැඩිකිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී නොකළ බව කැබිනට් සම-ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here