Monday, September 23, 2024

විපක්ෂ නායක සහ මෙරට නව ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

ශ්‍රි ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේ. චන්ග් මහත්මිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) සිදුවිය. ඒ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දෙරට අතර කාලාන්තරයක් තිස්සේ පවත්නා සුහදශීලී ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවය වඩ වඩාත් ශක්තිමත් වීමේ වටිනාකම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ පවතින ආර්ථික සමාජීය සංස්කෘතික සබඳතා පිළිබඳව සිය අවධානය යොමු කළ තානාපතිනිය එය වඩ වඩාත් ශක්තිමත් වනු දැකීම සිය අපේක්ෂාව බවද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා මෙන්ම ස්වෛරී ශ්‍රී ලංකාවක් ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා විපක්ෂයේ කාර්ය භාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වූ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය කියාසිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles