හෘදයාබාධයක් හේතුවෙන් ප්රවීණ ගායිකා විශාරද නීලා වික්රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝ හිදී මිට ස්වල්ප වෙලාවකට පෙර අභාවප්රප්ත වූවාය.
ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප්රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 71 කි.
හෘදයාබාධයක් හේතුවෙන් මියයනවිට ඇය මිලානෝ නුවර ශ්රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටියා.
එතුමිය මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙසවද භාර ගත්තේ පසුගිය 10 වෙනිදාය.
මිලානෝ කොන්සල් ජනරාල් ලෙස ඇය විසින් වැඩ භාරගෙන ගතවී තිබුණේ දින 07 ක් වැනි කෙටි කාලයක් පමණයි.
මාස්ටර් සර් / මේ අවන්හලේ / ඈත දුරක දෑස පාවෙලා / දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ වැනි ජනප්රිය ගීත රැසක් නීලා වික්රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා.