නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.
මොවුන් ජා – ඇල සහ මාරවිල ප්රදේශවල පදිංචි අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන්නෝ වෙති.
මෙම විස්කි බෝතල් තොගයේ වටිනාකම රුපියල් 193,750 ක් බව රේගුව ප්රකාශ කරයි.