Friday, January 24, 2025

වී – භාෂා යන තේමාව ඔස්සේ මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහනක්

වී – භාෂා යන තේමාව ඔස්සේ මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා හා ළමා හා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ යටතේ ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හින්දි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව සිසුන්ට හිමිවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන ආරම්භ කිරීමට නියමිත බව කාන්තා හා ළමා හා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles