Sunday, January 19, 2025

වෛද්‍යවරුන් අද වර්ජනයේ

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී ගැටලු පවතින බවට ප්‍රකාශ කරමින් අද උදෑසන 8 සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම ගැටලුව මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පොළොන්නරුව, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ඊයේ සංකේත වර්ජනයක් සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සාකච්ජාවක නිරත වූ අතර එම සාකච්ජාද අසාර්ථක වීම හේතුවෙනුයි මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇත්තේ.

මේ අතර, උසස්වීම්, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ද හෙට දකුණු පළාතේ සහ අනිද්දා සබරගමුව පළාතේ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍ර 16ක වෘත්තීයවේදීන් එක්වන බවයි එම සම්මේලනය ප්‍රකාශ කළේ.

එමෙන්ම, උතුරුමැද පළාත් ආයුර්වේද රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට සතියකට වැඩි කාලයක් අඛණ්ඩ වර්ජනයක නිරත වී සිටින්නේ කොරෝනා දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles