Saturday, September 21, 2024

වෛද්‍ය උපදෙස් නැතිව කොවිඩ් රෝගීන් ප්‍රතිජීවක ඖෂධ ගන්න එපා

නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිතයන්ට වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් ලබා නොදෙන ලෙස ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පැවැසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්යවරිය සඳහන් කළේ දැනට කොවිඩ් මර්දනය සඳහා කිසිදු ඖෂධ වර්ගයක් නොමැති බවයි.

කොවිඩ් මර්දනය සඳහා ඇති විශේෂිතම ප්‍රතිකාරය එන්නත්කරණය බවද ඇය සඳහන් කළාය.

එසේම වෛද්‍ය උපදෙස් අනුව විටමින් වර්ග ලබාගන්නේ නම් එම ඖෂධ පමණක් ලබාගන්නා ලෙස මහාචාර්යවරිය ඉල්ලා සිටියාය.

තවද කොවිඩ් ආසාදිතයන්ට උණ, ඇඟපත වේදනාව පවතී නම් දවසකට තුන් වතාවක් පැය හයකට වරක් පැරසිටමෝල්ට් පෙති දෙකක් බැගින් ලබාගන්නා ලෙසත්, කුඩා දරුවන්ට බර අනුව පැරසිටමෝල්ට් මාත්‍රාව ලබාදෙන ලෙසත් සඳහන් කළාය.

එසේම හෘද රෝගීන් ලබාගන්නා ‘ඇස්ප්‍රින්’ ඖෂධය කොවිඩ් ආසාදිත අය ලබාගන්නා විට වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු යයි විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles