මෙවර වෛද්‍ය (කායික) විද්‍යාව සඳහා සම්මානය දෙදෙනකුට හිමි වන අතර ත්‍යාග මුදලෙන් අඩක් බැගින් ඔවුන් දෙදෙනාට පිරි නැමෙනවා. ඒ ඇමරිකන් අණුක ජීව විද්‍යාඥයකු වූ ද ස්නායු වෛද්‍ය විද්‍යාඥයකු වූ ආඩෙම් පැටපෝටියන් (Ardem Patapoutian) හා ඇමරිකානු කායික විද්‍යාඥයකු වූ ඩේවිඩ් ජේ ජුලියස් (David Jay Julius) යන විද්‍යාඥයන් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා සම්මානය සඳහා තෝරා ගත් බව ප්‍රකාශ කරමින් සඳහන් කළේ, ‘උෂ්ණත්වය සහ ස්පර්ශය සඳහා වූ ප්‍රතිග්‍රාහක සොයා ගැනීම’ වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ඔවුන් දෙදෙනාට ම සම සමව පිරිනමන බවයි.
2010 පෙර, ස්පර්ශයෙන් ඇති වන සංවේදනයන් පුද්ගලයකුගේ සවිඤ්ඤාණය තෙක් යන ආකාරය ගැන විද්‍යාඥයන් දැන සිටියේ සිටියේ ඉතාමත් ටිකක් විතරයි. ඔවුන් දැන සිටියා, අපේ සිරුරේ ඇති විවිධ කොටස්වල සිට මොළයට පණිවිඩ ගෙන යාමට, ස්නායු අන්තයන් උදවු වෙන බව. ඔවුන් දැන සිටියේ නෑ, ස්නායු අන්තවල කුමන ප්‍රතිග්‍රාහකයන් ද මේ පණිවිඩ ගෙන යන්නට උපකාර කරන්නේ කියා. නිදසුනක් වශයෙන් යම් අයකු අයිස් කැටයක් ස්පර්ශ කළොත් හෝ රත් වූ යකඩයක් ළඟට අත ළං කළොත් හෝ ඇති වන තත්වය තමයි, පර්යේෂකයන් හඳුනා ගන්නේ ඒ සංවේදකයන් ගෙන යන රැහැන් තමයි. එහි ආලෝකය දල්වන ස්විච්චිය හඳුනා මෙතෙක් හඳුනා ගත්තේ නැහැ.
මෙතැන්දි තමයි, ආඩෙම් පැටපෝටියන්ගේ ආගමනය සිදු වන්නේ. 2010 දී පැටපෝටියන් සහ ඔහුගේ ස්ක්‍රිප්ස් පර්යේෂණායතනයේ කණ්ඩායම එකතු වී මේ ස්විච්චිය සොයා ගන්නේ. ඒවා ‘පියේසෝ 1’ හා (Piezo1) හා ‘පියේසෝ 2’ (Piezo2) වශයෙන් ඔවුන් හඳුන්වන ප්‍රෝටීන් විශේෂයක්. (‘පියේසෝ’ යන ග්‍රීක වදනේ අරුත ‘තද කරනවා’ යන්නයි.) මේ සොයා ගැනීම තමයි, මෙවර නොබෙල් ත්‍යාගය දිනා ගන්නට පැටපෝටියන්ට අවස්ථාව සැලසුණේ.
වර්තමානයේ ඇමරිකන් පුරවැසියකු වන ආඩෙම් පැටපෝටියන් උපන්නේ 1967 ඔක්තෝබර 2 වැනිදා ලෙබනනයේ බීරූට්වල ආමේනියානු පවුලක සාමාජිකයකු ලෙසයි. බීරූට් අගනුවර පිහිටි ඇමරිකන් විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ ඔහු ඇමරිකන් පුරවැසි භාවය ලබා ගෙන ඇමරිකාවට ගියා. ඔහු කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ ජීව විද්‍යාවෙන් පශ්චාත්උපාධිය ලබා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට බැඳී ආචාර්ය උපාධි ලබා ගත්තා. ඔහු කැලිෆෝනියාවේ ලහෝජාහී පිහිටි ස්ක්‍රප්ස් පර්යේෂණායතනයට සහය මහාචාර්යවරයකු ලෙස බැඳුනා. දැනට හොවාඩ් හියුස් වෛද්‍ය ආයතනයේ ස්නායු විද්‍යා මහාචාර්යවරයා ලෙස සේවය කළ ඔහු එහි විමර්ශකයකු ලෙස ද කටයුතු කරනවා.
මේ සමග නොබෙල් සම සම්මානය ලබන, ඩේවිඩ් ජේ ජුලියස්, සැන්ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්යවරයෙක්. යුදෙව් පවුලකට අයත් ඔහුගේ සීයා හා ආච්චි රුසියාවේ සාර් රජ සමයේ යුදෙවු විරෝධයෙන් ගැලවී සරණාගතයන් ලෙස ඇමරිකාවට පලා ආ අයයි. ජුලියස් උපන්නේ 1955 නොවැම්බර් 4 වැනිදා නිව්යෝක් නගරයේදියි. ඒබ්‍රහම් ලින්කන් උසස් පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු බර්ක්ලීහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් හා මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා.
ඔහුට මේ සම්මානය හිමි වුණේ සැන්ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාලයේ කරන ලද පර්යේෂණයක් නිසයි. ජුලියස් එහි දී කළ පර්යේෂණයට ලක් වූයේ ‘ස්පර්ශය, වේදනාව සහ තාපය වැනි මිනිස් සංවේදනයන්’වල ක්‍රීයාකාරිත්වයයි. ඒ සඳහා ඔහු කළේ ගම්මිරිස්වල ඇති කැප්සායිසින් (capsaicin) නම් රසායනිකය භාවිතා කර ඒවා දැවීමට සලස්වා, මිනිස් ස්නායු තන්තූන් අගට තාපය දැනෙන්නේ කෙසේදැයි සොයා බැලීමයි. ඒ ඒ අනුව ඔහු හෙළිදරවු කළ දේ නිසයි මේ සම්මානයෙන් කොටසක් ඔහුට පිරිනමන්නට නොබෙල් කමිටුව තීරණය කළේ.