වෛද්‍ය සමීර සේනාරත්න ප්‍රහාරය ගැන- විමර්ශන පොලිස් කණ්ඩායම් 03ක්

0
326

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස බලා යමින් සිටියදී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍ය සමීර සේනාරත්නට හානි සිදුවූයේ නැහැ.

ඔහුගේ මෝටර් රථයේ වෙඩි ප්‍රහාර 04ක් දක්නට ලැඛෙන බවයි මුල්ලේරියාව පොලීසිය පැවසුවේ.

මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවද වෛද්‍ය සමීර සේනාරත්න පොලිසියට ප්‍රකාශ කර ඇත.

සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ගොඩනැගිලිවල සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

කණ්ඩායම් 03ක් ඒ සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here