Saturday, May 18, 2024

ෆීල්ඩ් මාෂල්ගේ පවුලගේ මොන්ටේරෝ සෙල්ලම

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිය වන රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය මුදල් අමාත්‍යංශයේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම චක්‍රලේඛයට අනුව සභාපතිවරුන්ට සිය පාවිච්චිය වෙනුවෙන් ලීසිං පදනම යටතේ මෝටර් රථ ලබා ගැනීමේදී ගෙවිය හැකි උපරිම මාසික ලීසිං වාරිකය රුපියල් 119,500ක් අතර අනෝමා ෆොන්සේකා මහත්මිය අදාළ සීමාව උල්ලංඝනය කරමින් රුපියල් 255,784ක මාසික වාරිකයකට මිට්ෂුබිෂි මොන්ටේරෝ ජීප් රථයක් ගෙන තිබේ.

ඇය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව වෙත ලිපිගොනුවක් ඉදිරිපත් කරමින් මේ මෝටර් රථයේ ලීසිං වාරිකයට අනුමැතිය ලබාගෙන ඇත.(ඊට අදාළ ලිපිය පහත දැක්වේ)
AnomaDoc 001

මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අනු සභාපති වරයෙකුට ලබාගත හැකි උපරිම ලීසිං මුදල චක්‍රලේඛයේ දක්වා ඇති අයුරු පහත දැක්වේ.
AnomaDoc 002

AnomaDoc 0022

අනෝමා මෙසේ ගෙන්වා ඇත්තේ Mitsubishi Montero v98W XSR වර්ගයේ මෝටර් රථයකි මෙහි වටිනාකම රුපියල් රුපියල් කෝටි එක හමාරක් පමණ වන බව පැවසේ.

එම මෝටර් රථයට ලීසිං පහසුකම ගෙන ඇත්තේ වොක්ෂෝල් වීදියේ පිහිටි සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමෙනි. රණවිරු සේවා අධිකාරිය විසින් ඊට අදාළ මුදල ගෙවා ඇති අයුරු පහත දැක්වේ.
Doc 003

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles