ශ්‍රීලනිප මන්ත්‍රීවරු දෙදෙනෙක් එජාපයට පනින්න සූදානමක්..

0
471

ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට අධිකරණ කටයුත්තකට සම්බන්ධවී සිටින සබරගමුව පළාතේ මන්ත්‍රීවරයකු මේ අතර ඉදිරියෙන්ම පසුවන බවයි. පසුගිය ජනපතිවරණ සමයේ සිද්ධියකට අදාළව ඔහු සැකකරුවකු ලෙසද නම් කර ඇති අයකු බවටයි තොරතුරු වාර්තාවන්නේ.

අනෙක් තැනැත්තා උතුරු මැද පළාතෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නකු බවයි පැවසෙන්නේ. මෙරට ජනප්‍රිය ආහාර නිෂ්පාදනයක හිමිකාරීත්වයද දරන මෙම මන්ත්‍රීවරයා නිදහස් පක්ෂය කෙරේ කළකිරී සිටින්නකු බව සදහන්. කෙසේ වෙතත් ඔහුගේ තීරණයට සිය පවුල තුලින්ම බලපෑම් එල්ලවෙමින් පවතින බවටද තොරතුරු වාර්තාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here