ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ප්‍රහාරයක්!

0
1058

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක්  දැවී ලබා ලකුණු 392 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 111 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් ලබා ගත්තා. ඒ් අතරම චරිත් අසලංක ලකුණු 62 කුත් නායක දසුන් ශානක ලකුණු 62කුත් ලබාගත්තා.

ඒ අනුව අමෙරිකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 393 ක්.

මේ වන විට අමෙරිකාව ලකුණු 90කට කඩුලු තුනක් දැවී ගොස් තිබෙනවා. පන්දු ඔ්වර 15ක් අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here