Monday, May 20, 2024

කුරුන්දි පත්තු වෙයි! නාගචෝලයටත් තිරියායටත් විශේෂ කමිටු

පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කොට වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 3000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 2000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා තිබෙි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් වලින් මේසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමෙි පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන කාලයේ පිහිටුවන ලද පුරාවිද්‍යා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මෙම භූමි ප්‍රමාණය වෙන් කර ඇති අතර ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතු බවට කාර්ය සාධක බලකාය මගින් නිගමනය කර තිබේ.

බෞද්ධ මුලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට හෝ ජල උද්‍යාන වැව් පොකුණු සහිත සුවිශේෂී ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සීගිරියටවත් නැති ඉඩම් ප්‍රමාණයක් මෙලෙස කුරුන්දි විහාරයට හා තිරියාය විහාරයට ඉල්ලා සිටින්නේ මන්දැයි විද්‍යානුකූල දත්ත ,සාක්ෂි සහිතව සොයා බැලීමට ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles