කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙළිය වන Raid Amazone තරගාවලියට සහභාගී වීම සදහා සහභාගී වන පළමු කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණි බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.
මාර්තු 16 සිට සීගිරිය ආශ්‍රිතව පැවැත්වෙන මෙම තරගාවලිය ලෝකයේ විශාලතම කාන්තා ත්‍රාසජනක අභියෝග ලෙස සැලකෙනවා. ලොව විශාලතම කාන්තා ත්‍රාසජනක අභියෝගය වන Raid Amazone මෙවර අදියර 2ක් යටතේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නට නියමිතයි. මේ සදහා සහභාගීවන ක්‍රීඩිකාවන් ගණන 600ක්.
වැඩසටහනේ පළමු අදියර මාර්තු 16 වන දින සිට 22 වන දින දක්වාත් දෙවන අදියර මාර්තු මස 28 වන දින සිට අප්‍රියෙල් 06 වන දින දක්වාත් සීගිරිය, කවුඩුල්ල, මැදිරිගිරිය, වෑවල, කන්ඩලම, මහවිල්ගමුව යන ස්ථානවල මෙම තරග ඉසව් සංවිධානය කර තිබෙනවා.
මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ Raid Amazone තරග මාලාවේ 20 වැන්නැයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම Raid Amazone 2022 තරගයේ ප්‍රධාන ගුවන් සේවා සත්කාරක ලෙස කටයුතු කරනවා. සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහයෝගයෙන් එය සංවිධානය කෙරෙනවා.