ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

0
271

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදීයි.

පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක්ද හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පැවසුවේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here