Friday, November 1, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවෙයි..!

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළ නියෝජනය කරන පිරිස සහ අනෙකුත් පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ විපක්ෂය ලෙස ස්වාධීන පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලාවන තත්ත්වයක් උද්ගතවී ඇත.

ඒ අනුව ශ්‍රී.ල.නි.ප තුල ඉතිරිවනු ඇත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේනට සහය පලකරන පිරිස පමණක්වනු ඇත. දැනටමත් ඒකාබද්ධ විපක්ෂය විසින් නව පක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භකර ඇති අතර බොහෝවිට මල් පොහොට්ටුව ලකුණින් සහ දිනේෂ් ගුණවර්ධනයේ නායකත්වයෙන් එම පක්ෂය ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වනු ඇත. එසේ වුවහොත් ශ්‍රී.ල.නි.ප බරපතල අර්බුදයකට ලක්වනු ඇත.

1951 දී දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා විසින් බිහිකල ශ්‍රී.ල.නි.ප එක් අවස්ථවාකදී අත ලකුණ යටතේ තනිවත් තවත් අවස්ථාවක සන්ධානගතවත් මැතිවරණ සඳහා ඉදිරිපත්ව ඇත. 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප යට හයෙන් පහක බලයක් ලැබෙද්දී ශ්‍රී.ල.නි.ප ය මන්ත්‍රී ධූර 8ක් දක්වා පාර්ලිමේන්තුවේ පල්ලම් බැසීමට සිදුවිය.

1994න් පසු 2002 දක්වා අඛණ්ඩව වසර 8ක් පාලන බලය හෙබවූයේ ශ්‍රී.ල.නි.ප ප්‍ර‍මුඛ පොදු ජන එක්සත් පෙරමුණයි. නැවත 2004 සිට 2015 අගෝස්තු දක්වා වසර 11 පාලන බලය හෙබවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාමක බලවේගය වූයේද ශ්‍රී.ල.නි.ප යයි. නමුත් වර්තමාන පක්ෂ අර්බුදය හමුවේ නිදහස් පක්ෂය දෙකඩවීමේ අවදානම උග්‍ර‍ව ඇති අතර පක්ෂයේ ප්‍ර‍බල පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමග විපක්ෂයේ නව පක්ෂයට එක්වීමට නියමිතය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර‍‍)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles