Saturday, October 5, 2024

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ රාජ්‍ය නායක කවුන්සිලයට චීන ජනපති එක්වෙයි

ශැංහයි සහයෝගිතා සංවිධාන‍යේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යධිකාරි කවුන්සිලයේ 24 වැනි සැසිය පැවැත්වේ. එම සමුළුව ඊයේ (04) කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කර ගත වූ වසර 23 ක් තුළ එහි සාමාජික රටවල් ගණන 10 ක් දක්වා වැඩි වී ඇති බවයි. මෙය මහාද්වීප 3 කට අයත් රටවල් 26 ක් සම්බන්ධ කර ඇත. වර්තමානයේ, විවිධ විපර්යාසයන්ට මුහුණදෙන ගෝලීය මානවයා ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටී. ඉතිහාසයේ නිරවද්‍යතාව සහ සාධාරණත්වය සහතික කරන මෙම සංවිධානය ලෝකයට සැබැවින් ම වැදගත් වන බව ද ෂී ජින්පිං මහතා කියා සිටී.
සීතල යුද මානසිකත්වයෙන් එල්ල වන තර්ජන හමුවේ සහයෝගයෙන් යුතුව තිරසර ආරක්ෂාව පිළිබඳ දැක්ම අනුගමනය කළ යුතු ය. සංවාද, සහයෝගිතාව සහ පොදු-ජයග්‍රාහී සංකල්පය තහවුරු කරමින් සංකීර්ණ අභියෝගවලටත්, වෙනස් වන ජාත්‍යන්තර රටාවන්ටත් මුහුණ දිය යුතු ය.
විද්‍යා හා තාක්ෂණ අංශවලට ඍජුව බලපාන පරිදි ඇමරිකාව චීනයට එල්ල කරන නිරන්තර බාධා හමුවේ සංවර්ධන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. ‍බෙදුම්වාදී බලවේග හමුවේ එක්සත්භාවය සහතික කළ යුතු ය.
මේ අතර, 2024-2025 ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය වෙත පැවරීමට ද එහිදී තීරණය කෙරිණ. චීනය එම වගකීම දරන්නේ වසර 7 කට පසුව වීම විශේෂත්වයකි.

Related Articles

Latest Articles