ශිෂ්‍යාවට පාසලත් එපා කරවූ, දඹුල්ලේ ගුරුවරියගේ අමුතුම දඬුවම….

0
331

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පාසලක 10ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක විසින් තවත් සිසුවියකගේ අතක පෑන් ඉරි ඇද තිබෙනවා.

එහිදී  ඊට දඬුවමක් ලෙස ගුරුවරිය නියම  කර ඇත්තේ පන්ති කාමරයේ සිටින ළමුන් 30 දෙනාම යොදවා අදාළ සිසුවියගේ සිරුරෙහිම විවිද වචන ලියවීමයි.

ගුරුවරියගේ නියෝගයට අනුව අනෙක් සියලු සිසුන් අදාළ සිසුවියගේ ඇගෙහි පෑන භාවිතයෙන් විවිද වචන ලියා තිබෙනවා.

දඬුවමට මුහුණ දුන් සිදුවිය පාසල් යාම ප්‍රතික්ශේප කිරීම හමුවේ දෙමාපියන් ඇය දඹුල්ල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇතුලත් කර තිබෙනවා.

ගුරුවරිය  නියම කල දඩුවම පිළිබදව මාධ්‍යයට තොරතුරු නොදෙන ලෙසටද දෙමාපියන්ටද විවිද බලපෑම් එල්ල කර ඇතැයි සදහන්.

දඹුල්ල කොට්ඨාශ අධ්‍යාපාන කාර්යාලයද මේ  සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here