ශ‍්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති ගැන සොයා බැලුවා

0
358

ශ්‍රී ලංකාවේ තවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව තම සංචාරයේදී ගවේෂණය කළ බව ඉන්දීය අදානි ව්‍යාපාරයේ හිමිකරු වූ ගෞතම අදානි සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව මෙම ව්‍යාපෘති පිළිබඳව සිය අවධානය යොමු වූ බවයි.

අදාළ පණිවිඩයට ශ්‍රී ලංකා ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ගත් පින්තූරද ඔහු එක්කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදානිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කර ඇති බවයි.

ඔහුගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී මන්නාරමේ පිහිටි සුළං විදුලි බලාගාරය නිරීක්ෂණයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here