Friday, April 26, 2024

වැලි නිකුත් කිරීමේදී ප්‍රමුඛත්වය ආගමික ස්ථාන ඉදිකිරීම්වලට

වැලි නිකුත් කිරීමේ දී කිසිවෙකුහට හෝ ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

වැලි නිකුත් කිරීමේ දී මින්පසු ප්‍රමුඛත්වය ලබා දෙන්නේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් වැනි ආගමික ස්ථානවල සිදු කෙරෙන ඉදිකිරීම් සඳහා පමණක් බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම දිවයින පුරා වැලි ඛෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමුව තිබෙනවා.

වැලි ඛෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන ගසා කෑම් නැවැත්වීම එහි අරමුණයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි ඛෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයාද උපදෙස් දී ඇති බව සඳහන් .

දැනට වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ මනම්පිටිය වැලිවලටවන අතර ඇතැම් අතරමැදියන් එම වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලකට අලෙවි කරනු දක්නට ලැඛෙනවා.

මේ වනවිට මනම්පිටියෙන් රුපියල් 4830 කට මිල දී ගන්නා වැලි කියුබ් එකක මිල වෙළෙඳපොලට එනවිට රුපියල් 6550 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ද මෙම අතරමැදියන් සිදු කරන ගසා කෑම නිසා බව ද පරිසර අමාත්‍යංශය පෙන්වා දෙනවා.

එමනිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමග සිදු කළ සාකච්ඡා මේ වනවිට සාර්ථක වී ඇති අතර ලබන වසරේ සිට එම කටයුතු සිදු කිරීමට හැකිවනු ඇති බව ද සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles