බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට එල්ල කර තිබූ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වන නඩුව ඉන්දීය මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය විසින් ඉවත් කරගෙන ඇත.
ආර්යන් ඛාන් 2021 ඔක්තෝම්බර් මාසයේ දී සාදයක දී මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම,භාවිතා කිරීම සහ විකිණීම ඔහුට එරෙහිව ගොනු කර තිබු චෝදනාවන් වේ.
මේ නඩුවේ විත්තිකරුවන් 14 දෙනෙකු නම් කර තිබුණ ද සාක්ෂි නොමැතිකම නිසා ආර්යන් ඛාන් ඇතුළු තවත් හය දෙනෙකු එම චෝදනාවලින් ඉවත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




