Friday, April 26, 2024

මාස 4කින් හැමෝම කුස ගින්නේ…

මේවනවිට රටතුළ පවතින සහල් තොග ප්‍රමාණවත් වන්නේ එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව කෘෂි විශේෂඥයින් පෙන්වා දෙනවා.

රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා සඳහන් කළේ, යල කන්නය වගා කිරීම අසාර්ථක වුවහොත් සැප්තැම්බර් මාසය වනවිට රට තුළ සහල් හිගයක් ඇතිවිය හැකි බවයි.

මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ බත්.

එහෙත්, ඊට විකල්පයක් ලෙස බොහෝ දෙනා පාන් පරිභෝජනයට පුරුදු වී සිටිනවා.

සැප්තැම්බර් මාසය වනවිට රටතුළ පවතින සහල් තොග අවසන් වුවහොත් පාන් ඇතුළු තිරිගු පිටි නිෂ්පාදන ද පරිභෝජනයට ගත හැකි දැයි මහාචාර්ය අරුණ කුමාරගෙන් විමසීමක් කළා.

මෙවැනි අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවූ ප්‍රධානතම හේතුව රසායනික පොහොර ආනයනය තහනම් කිරීම බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles