සංචරණ සීමා තර කෙරෙන සියලු පළාත් මායිම්වලට ත්‍රිවිධ හමුදා සහාය

0
308

 පළාත් අතර සංචරණ සීමා නැවත වරක් තර කිරීමත් සමග එම මායිම් අසල ස්ථාපිත මාර්ග බාධක සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.

පොලිසියේ සහායට අවශ්‍ය ස්ථානයන් සඳහා මෙලෙස ඊයේ (අගෝස්තු 12) දින සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නැවත වරක් පළාත් අතර සංචරණ සීමා තර කළ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර ගමන් කිරීමට ජනතාවට හැකියාවක් පවතී.

මෙම නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here