Wednesday, December 25, 2024

සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යන ලකුණු

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැගෙමින් පවතින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 10 වැනිදා දක්වා සංචාරකයන් 113,670 දෙනෙකු මෙරට පැමිණ තිබෙනවා.

ජනවාරි මාසයේ සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ ඇති අතර, පෙබරවාරි මාසයේ ඉකුත් 10 වැනිදා දක්වා 31,343 දෙනෙකු පැමිණ තිබෙනවා.

මෙරටට මේ වසර තුළ වැඩම සංචාරක සංඛ්‍යාවක් රුසියාවෙන් පැමිණ ඇති අතර, දෙවන තැන ගෙන තිබුණේ එක්සත් රාජධානියයි.

ජර්මනිය, යුක්රේනය, ප්‍රංශය, පෝලන්තය, කසක්ස්ථානය, කැනඩාව යන රටවල්වලින් ද මෙරටට වැඩම සංචාරකයන් පැමිණ රටවල් දහයට අයත්.

ඉන්දියාවෙන්ද මෙරටට සංචාරකයන් 3,575 දෙනෙකු පැමිණ තිබෙනවා.

ඉන්දියාව චීනය, යන රටවල්වලට අමතරව යුරෝපානු සංචාරකයන් ද වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles