Monday, September 23, 2024

සජබ කාර්යාලයට බිත්තර ගැහුවෙි මධුර විතානගේ, බිත්තර බිත්තර ගහන්න කෝට්ටේ නගර සභාවෙනුත් ඇවිත් !

සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා බිත්තර ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුලු පිරිසක් බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කරනවා.

ඔවුන්ට ඇත්තේ තමන් සමග පෞද්ගලික ගැටලුවක් නම් සිය නිවෙස වෙත පැමිණ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසදා ගැනීමට එක්වන ලෙසද ඇය ඔවුන් වෙත ආරධනා කර තිබෙනවා.

මෙි අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ඊයේ එල්ල වූ ප්‍රහාරයට කෝට්ටේ නගර සභාවේ සේවකයන් පිරිසක්ද සම්බන්ධ කරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරනවා.

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ බලය අවභාවිත කිරිමේ ජරාජීර්ණ දේශපාලනයට එය කදිම නිදසුනක් බවයි.

එවැනි දේශපාලන ග්‍රෝතික පිරිස් සමග රටක් සංවර්ධනය කරන්නේ කෙසේදැයි හර්ෂද සිල්වා මතා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles