Thursday, September 19, 2024

සති අන්තයේ විදුලි කප්පාදුවට ඩිස්කවුන්ට් එකක්!

ජල උත්පාදනය වැඩිවීම සහ බලශක්ති ඉල්ලුම අවම වීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම සති අන්තයේ විදුලි කප්පාදු කාල සීමාව අඩු කිරීමට පියවර ගනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ඇති බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියි’

ඒ අනුව විදුලි කප්පාදුව පැයකින් අඩුකර තිබේ. සති අන්තයේ කප්පාදුව පැයයි විනාඩි තිහකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles