Monday, May 20, 2024

ඉන්දියාව එක්ක හිටියනං තෙල් ප්‍රශ්නෙ එන්නෑ – ජනාධිපති

ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පවසන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවයි.

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවෙිදී ය.

යුද්ධය නිසා අත් හැරුණු වනජීවී හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යාතාව පැහැදිලි කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles