මේ වසර අවසාන වීමට පෙර සතොස අලෙවිසැල් තවත් සීයක් රටපුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.අමාත්‍යවරයා පවසන්නේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට හා හිඟයකින් තොරව සැපයීමට මෙම පියවර ගන්නා බවයි.මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව පවතින ගොඩනැගිලි ලබාගන්නා බව කී ඇමැතිවරයා මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සතොස ගබඩා 25ක් ද ආරම්භ කරන බවද මෙහි දී සඳහන් කළා.