Thursday, December 26, 2024

“සත පහක්වත් පඩිය එපා.. මට මගේ අම්මව ගෙනත් දෙන්න.” – කොවිඩ් සෑදී මියගිය ගුරුවරියකගේ දියණිය හඬා වැළපෙයි.. – බුකිය පුරා පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

කොවිඩ් වෛරසයේ අවදානම නිසා මේ වෙද්දි රටම ලොක්ඩවුන් කරලයි තියෙන්නේ.

මෙවන් ව්‍යසනයකදි අපි කවුරුත් එකා වගේම වගකීමක් ඇතිව කටයුතු කරන්න ඕනේ.

නමුත් මෙවන් මොහොතකත් ඇතමුන් පෞද්ගලික වාසි සහ දේශපාලන අරමුණු සාර්ථක කරගන්න කටයුතු කරන හැටි ඕනේ තරම් දකින්න පුළුවන්.
ඉපදෙන අපි හැමෝම මැරෙනවා කියන සත්‍ය පවා එවන් පුද්ගලයන්ට අමතකව ගොස් ඇති බව ඇතැම් බොරු පුවත්වලින්ම වැටහෙනවා.

තමන්ගේ සමීපතමයන් කොවිඩ් වෛරසයෙන් වෙන් වෙලා යන මොහොතක මේ ව්‍යසනය සෙල්ලමකට නැත්නම් වාසියකට අරගෙන තියෙන ඇතැම් මිනිස්සු මේ රටට ව්‍යසනයකටත් වඩා අවදානමක් බව සිහිපත් කළ යුතුයි.

අපි මේ විදිහට කියන්න හිතුවේ මේ වෙද්දි අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන ඡායාරූපයක් නිසා.

එහි දැක්වෙන්නේ පසුගිය දවසක පැවති ගුරු උද්ඝෝෂනයට එකතු වුණු ගුරුවරියක් මියයෑමෙන් පසු ඇගේ දියණිය පවසන කතාවක් ගැනයි.

එහි සඳහන්ව තිබුණේ සත පහක්වත් පඩිය එපා.. මට මගේ අම්මව ගෙනත් දෙන්න.. ගුරුවරියකගේ දියණිය හඬා වැලපෙයි යනුවෙන්.

මේ ගැන සොයා බලපු විට දැනගන්න ලැබුණේ මේ ඡායාරූපය 2015 වසරේදී විදෙස් රටක සිදුවූ සිදුවීමකට සම්බන්ධ ඡායාරූපයක් යොදාගෙන අදාල ව්‍යාජ පුවතක සකස් කර ඇති බවයි.

Truth Lanka

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles