සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වැඩ

0
313

තාවකාලිකව අත්හිටුවා තිබූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දින 22 කට පසු අද නැවත ආරම්භ වනවා. පිරිපහදුව වසා තැබීමට සිදුවූයේ බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බවටයි පසුගියදා වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කළේ. මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here